යාපනය විශ්ව විද්‍යාලය තුළ තීබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සොය ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබියදී මෙම ටී 56 වර්ගයේ මැගසීන් දෙක සොයාගෙන ඇති අතර වයර් සහිත පාර්සලයක් ද ඒ සමගම හමුවූ බවයි කෝපායි පොලිසිය සදහන් කළේ.
සිවිලිම අලුත් වැඩියා කිරීම සඳහා පැමිණ සිටි සේවකයින් තිදෙනකු විසින් මෙම පාර්සල් සොයාගෙන ඇති අතර ඔවුන් ඒ පිළිබදව කෝපායි පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඉහත උණ්ඩ සහ වයර් සහිත පාර්සලය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ පිළිබදව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.










