හය දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
ගුවන් හමුදාපතිවරයා විසින් සිද්ධිය පිළිබද විමර්ශනය සදහා 09 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක් ඊයේ පත් කරනු ලැබුවා.
අඒ අනුවයි එම පරීක්ෂණ කමිටුව ඊයේ පස්වරුවේ යානය කඩා වැටුණු මාදුරු ඔය ආශ්‍රීත ප්‍රදේශයට ගොස් තිබුණේ.
අනතුරින් පසු පොළොන්නරුව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ සෙබලුන් 6 දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ කියා සිටියේ වෛද්‍ය නිර්දේශ මත ඔවුන් එලෙස ප්‍රතිකාර ලබන බවයි.
අනතුරින් මියගිය සෙබලුන් 06 දෙනාගේ මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
ගුවන් හමුදාවේ අංක 07 හෙලිකොප්ටර් බලගණයට අයත් මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ ගුවන්ගත වී තිබුණේ උදෑසන 6.48ට පමණයි.
ඒ, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබූ විසිර යාමේ උත්සවයට සහභාගි වීම සඳහායි.
එහි නියමුවන් දෙදෙනෙකු ඇතුලු 12 දෙනෙකු ගමන් කර තිබුණා.
පෙරවරු 8.16ට පමණ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට එලෙස කඩා වැටී තිබුණු අතර අනතුරෙන් පසුව, හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස සොයා මාදුරුඔය ජලාශයේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.
පසුව මොවුන් බේරාගෙන අරලගංවිල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කෙරුණා.
එලෙස මාරු කර යැවුණු 6 දෙනෙකු මිය ගිය අතර ඉතිරි 6 දෙනා රෝහලේ ප්‍රතිකාර ලබනවා.