මහියංගණ – බදුල්ල මාර්ගයේ, මාපාකඩවැව – 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයීය නිලධාරීන් මහියංගණ පොලිසිය සහ ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළී ගිය මෝටර් රථය මහත් වෙහෙසක් දරා ගොඩ ගෙන ඇති අතර එහිදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බව සඳහන්. අනතුරුව ඔවුන් කඩිනමින් ගිලන් රථයක් මගින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද, ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














