මහියංගණ – බදුල්ල මාර්ගයේ, මාපාකඩවැව – 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයීය නිලධාරීන් මහියංගණ පොලිසිය සහ ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළී ගිය මෝටර් රථය මහත් වෙහෙසක් දරා ගොඩ ගෙන ඇති අතර එහිදී මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බව සඳහන්. අනතුරුව ඔවුන් කඩිනමින් ගිලන් රථයක් මගින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද, ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
උණුසුම් පුවත්
- විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් – VIDEO –
- පියයුරු පිළිකා රෝගීන් ගැන බය හිතෙන අනාවරණයක් !
- ජනපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් !
- මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙක් අත්අඩංගුවට
- රගාසා කුණාටුව චීනයට ඇතුලු වෙයි
- තිස්සකුට්ටිආරච්චිට සාගරගෙන් අවවාද
- අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්