හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ ප්‍රකාශයන් බව සදහන් කරමින් අසත්‍ය තොරතුරු සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සදහන්කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරන ලද දැනුම්දීමකට අනුව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවයි.
ඒ අනුව එම ප්‍රකාශයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය යන්ගේ සහ සමාජ මාධ්‍යයන් තුළ නොයෙකුත් ආකාරයේ අසත්‍ය හා විකෘති තොරතුරු පලවන බවයි ඔහු එම නිවේදනයෙන් සදහන් කර සිටින්නේ.
එබදු සාවද්‍ය තොරතුරු පදනම් කරගෙන පක්ෂයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් හා සැළසුම් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඇරඹේ













