ඩෙංගු ව්‍යාප්තිය සිදුවන කොළඹ මහ නගර සීමාවේ ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 011 2 696 594 යන දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.
නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ (03) සිට ආරම්භ කල බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කලේ.
කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබෙනවා.
වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576ක්.