මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.
මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යාමට සිදුව තිබෙනවා.
මෙය කාලය හා මුදල් නාස්තියක් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සදහන් කළේ.
මෙම නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා සිට ක්‍රියාත්මකයි.