මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරාබදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා පවසනවා.
2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් .
මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා පැවසුවා.
ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන්.