
වර්තමානය වන විට මෙරට පවතින ප්‍රබලම සෞඛ්‍ය අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව මෙරට සිදු වන මරණ වලින් සියයට 83ක්ම සිදු වන්නේ බෝ නොවන රෝග හේතුවෙන් බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. රත්නපුරේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.














