මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එය පාලනයට හා වැළැක්වීමට සුදුසුම විසඳුම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
ඒ සඳහා දැනට නියමු ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අත් දැකීම් ද පාදක කරගනිමින් මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කලා
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ සේවා කාර්ය මණ්ඩල, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය ආශ්‍රිත ආයතනවල කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයට එක්වෙමින් .










