මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, කන්ටේනර් රථයක්, බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.
අනතුර සිදු වූ ස්ථානයේදීම පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබුණා.
අනතුරින් පසු වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගිනි ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.