මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුනු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
රථ වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල බවත් එම වාර්තා සඳහන් කළා.