අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර ඉන් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වෙනවා.
අනතුරින් පසු විනාඩි 40කට ආසන්න කාල සීමාවක් සඳහා පාලම වසා දැමීමට නිව්යොර්ක් නගරයේ බලධාරීන් පියවර ගෙන තිබු අතර තත්ත්වයෙන් පසුව නැවත පාලම විවෘත කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.