මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 158ක්
මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.