කොළඹ ප්රදේශ කිහිපයකට ලබන 18 වනදා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා තුළුමුව ප්රධාන පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටු වීම හේතුවෙන් මෙලෙස අඹතලේ ජල පවිත්රාගාරයෙන් සැපයෙන ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව අනිද්දා පෙරවරු 10.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශ සදහා මෙම ජල කප්පාදුව ක්රියාත්මකයි.
එමෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව යන ප්රදේශවලට ද මෙම ජල කප්පාදුව සිදුකරනු ලබනවා.
IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.