කල්කුඩා, පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39ක් පමණ වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලදාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිතරව සිටින බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













