
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙට දින සිට ජුලි 20 වන දින දක්වා සැමරීමට නියමිතව තිබෙනවා.
මෙවර එය සමරනුයේ “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන්න තේමා කරගනිමින්.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙට සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති.














