මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් අලි 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදි සිදු වූ මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය එන්ජිම පිලි පැනිමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ හේතුවෙන් මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.