
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුර හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම අනතුරට පත් ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා
තිබෙනවා. ඊයේ පස්වරුවේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවකුයි මෙලෙස අනතුරට ලක්ව තිබුණේ. කෙසේ වුවත්, මෙම සිදුවීමෙන් පසු සිදුකළ මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදන්ව තිබෙනවා.














