ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දැනට ක්‍රියාවට නංවා ඇති “Green Team” වැඩසටහනේ එක් සංරචකයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපරිම අයුරින් යොදවා ගැනීම ඇතුළත් කර ඇත.
එම අභිප්‍රාය තවදුරටත් ඵලගන්වමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සූර්ය පැනල පද්ධතියක් සවි කිරීමට පියවර ගෙන ඇත.
2023 වසරේ විවෘත කරන ලද ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයෙහි මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ස්ථාපිත කොට ඇත.