
මිරිස්ස ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ . පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම වෙඩි තැබීම සඳහා ‘රිවෝල්වර‘ වර්ගයේ ගිනි අවියක් භාවිතා කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.














