හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.
කෙසේ වෙතත්, මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු භාර දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය කණස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ පවතින තත්ත්වය හේතුවෙන් මෙම සිරුරු භාර දීමේ කටයුතු සංකීර්ණ වී ඇති බවයි.
ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම්වලට අනුව, මේ වන විට ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ මියගිය අයගේ සිරුරු භාර දීම සිදුවෙමින් පවතිනවා.
ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, සිරුරු හුවමාරු කිරීමේ ප්‍රමාදය පිළිබඳව ඊශ්‍රායලයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.