මිද්දෙණිය ප්‍රදේශයේදී අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීරකැටිය, තෙලඹුයාය ප්‍රදේශයේදී එම සැකකරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු තෙලඹුයාය, වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සැකකරුත් සමග අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.