මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේදී කොමසාරිස්වරයා සහ ජාතික ජනබලවේගය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් එක්ව අද(15) දහවල් මැදවච්චියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කිරීමට කටයුතු කළා.
ඒ අනුව ඉදිරියේදී මෙම අක්‍රමිකතාවය පිළිබඳ සහ මූල්‍ය වංචාව පිළිබඳ අධිකරණයට යාමටත් රහස් පොලිසියට පැමිණිලි කිරීමට සුදානම් බව එහිදී සියලුම පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් ප්‍රකාශ කළා.
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභා වාරය උතුරු මැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(13) පෙරවරු 9.30ට මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැත්වුවා.
එහිදී සභාව උණුසුම් තත්ත්වයකට පත් වු අතර ඡන්ද විමසීමකින් පසු එහි සභාපති ධූරය ජාතික ජනබලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට රහස් ඡන්දයකින් හිමිවූ අතර උප සභාපතිකම කාසියේ වාසිය මතා ආ විවෘත ඡන්දයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමි වුණා.
ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂ හය එම මැතිවරණයේදී මැදවච්චිය නියෝජනය කරමින් තරඟ වැදුණා.
මැදවච්චිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය කොට්ඨාස 12 කින් සමන්විත වූ අතර එහිදී ජාතික ජනබලවේගයෙන් කොට්ඨාස 10ක් තමා සතු කරගනිමින් මැදවච්චිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 10 ක් තේරීපත් වුණා.
සමගි ජන බලවේගය කොට්ඨාස 02ක් ජයග්‍රණය කරමින් සභිකයින් 02 ක් සහ අතිරේඛ ලැයිස්තුවෙන් සභිකයින් 04 ක් ලෙස මැදවච්චිය ප්‍රාදේශිය සභාවට සභිකයින් 06 ක් තේරීපත් වුණා.
එහිදී අතිරේක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂවලින් සභිකයින් දෙදෙනා බැගින් සහ පොදුජන එක්සත් පෙරමුණින් එක් සභිකයෙකු පත් වුණා.
ඒ අනුව මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභිකයින් 21ක් සිය අසුන් මේ වන විටත් වෙන්කරගෙන සිටිනවා.
සභාවේ බලය පිහිටුවීමට නම් එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී වූවා.
ඒ අනුව එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය පාවිච්චි කිරීමෙන් ජාතික ජනබලවේගය සභාපති ධූරය හිමිකරගත් අතර විවෘත ඡන්ද විමසීමේදී උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුවා.