
A- 321 නියෝ වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානා 2ක් ඊයේ පස්වරුවේ මැදපෙරදිග කලාපය වෙත පියාසර කර තිබුණා.
කුවේට් සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ දී ඉරානය විසින් මෙම කලාප වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාළාවක් එල්ල කර ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් ගුවන් අවකාශයන් වසා දැමීමට ගත් පියවර මත එම ගුවන් යානා යළි කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.














