පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපය තුල ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මේ වන විට කිසිඳු ගැටලුවක් මතු වී නැති බවයි .
මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත් ඒ මහතා කියා සිටියා.
කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් කල ඉල්ලීමට මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ. .
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව යි නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ.