මැතිවරණ කොමිසමට අයදුම්පත් කැඳවීම සිදු නොකළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ අනුව එම කොමිසමට සාමාජිකයින් පත් කිරීම වහාම නවතා දැමිය යුතු බවයි විපක්ෂනයකවරයා අවධාරණය කළේ.
පළාත් පාලන මැතිවරණයට අදාලව සිය මැතිවරණ ව්‍යාපාරය කොළඹදී ආරම්භ කිරීමෙන් අනතුරුව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.