පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
පසුගිය 6 වන දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම් දිමක් සිදුකර තිබෙනවා.
එමෙන්ම බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබුවා.
පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සියයට 50 ට වැඩි බහුතර බලයක් හිමිකරගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත අදාළ දැනුම් දීම සිදුකර ඇති බව ද සදහන්.
පළාත් පාලන ආයතනවල සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.