Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාලිමාවේ කිසිම සෙලවීමක් දෙදරීමක් හෝ පිපිරීමක් නෑ…

    මාලිමාවේ කිසිම සෙලවීමක් දෙදරීමක් හෝ පිපිරීමක් නෑ…

    ඒව්වා හුදු හීන විතරයි - ඇමැති සුසිල්ගෙන් සහතිකයක්
    2025-05-31කියවීමට මිනිත්තු 4ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයේ කිසිදු සෙලවීමක් දෙදරීමක් හෝ පිපිරීමක් නොමැති බවත් ඒ්වා හුදු සිහින පමණක් බවත් ඉඩම් හාවාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එප්පාවල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කියා සිටියා.

    අපේ රටේ දේශපාලනය ක්‍රමිකව පහුගිය අවුරුදු 10-15 මාරු වුණා.

    දේශපාලන බලය අවභාවිතා කරනවා, දේශපාලන බලයෙන් මත්වෙනවා.

    ඒ දේශපාලන බලය පාවිච්චි කරලා රජයේ දේපළ, මිනිසුන්ගේ ධනය හොරකම් කරගෙන යටි මඩි ගහන වැඩේ පටන් ගත්තා.

    ඒකට ඇත්තටම රජාට ඇඳලා ඒක තමයි වුණේ.

    ඒ නිසා මිනිස්සුන්ගේ ලොකු විරෝධයක් තිබුණා ⁣මේකට.

    මේක නියෝජනය කරන්න කෙනෙක් හිටියේ නෑ, මේක තමයි ජාතික ජන බලවේගය නියෝජනය කරේ.

    ජාතික ජන බලවේගය තමයි විරෝධතා මැද්දේ, වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි මේකේ නායකත්වය ගත්තේ.

    මහජන මුදල් අවභාවිතා කරන එක, රටේ ධනය හොරකම් කරන එකට විරුද්ධව මතවාදයක් හැදුවේ ජාතික ජන බලවේගය.

    දැන් ඒ මතවාදය ජයග්‍රහණය කරලා තියෙනවා. අපේ රටේ ජනතාව බලය ලබා දීලා තියෙනවා අපිට.

    අපිට බලය ලබා දුන්න අරමුණු අතර ප්‍රධාන එකක් මේ හොරකම් වංචාවලට දඬුවම් දෙන්න කියන එක.

    ඒ නිසා අපේ රජයක් විදියට පත්වෙලා,නීතිය පසිඳලන ආයතන, පොලීසිය නිදහස් කරා දැන් නිදහසේ ඒ වැඩකටයුතු සිද්ධ වෙනවා.

    ඒ නිසා පහුගිය දශක එකහමාරක් දෙකක් තුළ දේශපාලන බලය අවභාවිතා කරලා රටේ මුදල් හොරකම් කරපු ඒවාට අදාළ දඩුවම් දැන් ලැබෙමින් තියෙනවා.

    අපි මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉඳලා, මන්ත්‍රීවරු 159 දක්වා ආපු ආණ්ඩුවක්, 3% ක් ඉඳලා රාජ්‍ය බලය දක්වා , ආණ්ඩු බලයක් ගන්න තරමට වර්ධනය වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්‍.

    අපිව මෙතනට ඔසවා තබන්න මාධ්‍ය විශාල කාර්යභාරයක් කළා. ජනතා ප්‍රශ්න මාධ්‍ය ඔස්සේ ගිහිල්ලා මාධ්‍ය තමයි නැවත ජනතාවට මේක අනාවරණය කරේ.

    ඒ නිසා අපි දන්නවා මාධ්‍ය කියන්නේ කවුද? මාධ්‍ය තිබිය යුත්තේ කොතනටද? මාධ්‍යයට ලැබිය යුතු නිදහස මොකක්ද? කියන එක.

    රජය විසින් මාධ්‍ය මර්ධනය කරන එකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ අපි.

    වැඩ කරලා තියෙන්නේ අපි ඒ වෙනුවෙන් අරගල කරලා තියෙන්නේ අපි. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් කිසි දිනක මාධ්‍ය මර්ධනය සිද්ධ වෙනවා තියා ඒ සම්බන්ධ සිතුවිල්ලක්වත් ඇති වෙන්නෙ නෑ.

    අපි බලයට ආවේ, අපේ තේමා වුණේ එක මිටට. අපි බලය ගත්තෙත් එක මිටට රට ගොඩනගන්නෙත් එක මිටට.

    ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නම් ⁣හොළවන්න, දෙදරන්න පුපුරන්න මොකක්වත් වෙන්නෑ.

    ඒ ගැන සිහින මවන්න නම් වෙන්නෑ. පහුගිය ආණ්ඩු කාලේ වචනයක් දෙකක් කිව්වත් ඒවා මාධ්‍යවල ප්‍රධාන ලීඩ් නිවුස් බවට පත්වෙන චරිත දෙක තුනක් හිටියා.

    දැන් ඒ අය දේශපාලනිකව පැත්තකට දාල තියෙන මිනිස්සු. දැන් ඒ කට්ටියට දහදෙනෙක් හොයාගන්න නෑ මාධ්‍ය ඉස්සරහ මොනවත් කියන්න.දේශපාලන බලයක් නෑ.

    ජනතා බලයක් නෑ. දැන් ඒ කට්ටියට ජනතා අවධානය, මාධ්‍යවල අවධානය දිනාගන්න ඕන.
    ඒ නිසා ඒ කට්ටිය මාධ්‍ය අවධානය දිනා ගතහැකි, මහා අපබ්‍රංශ, මහා පුදුමාකාර දේවල් මාධ්‍යයට ගේනවා.

    කථා කියනවා.ඒවා තමයි ඔය යන්නේ,ජාතික ජන බලවේගය කියන මහා දැවැන්ත ව්‍යාපාරය හොලවන්න කිසි කෙනෙකුට බෑ.

    ඒ බැඳීම කාටවත් හිතා ගන්න බැරි සහෝදරාත්මක බැම්මක්. ඒක කාටවත් කවදාවත් පළුදු කරන්න බෑ.

    සුදුස්සෝ බලලා තමයි තනතුරු දීලා තියෙන්නේ, සුදුස්සන්නට තමයි සුදුසු එක දීලා තියෙන්නේ.

    අපි එක ව්‍යාපාරයක් එක මිටට වැඩ කරන්නේ එක කණ්ඩායමක් විදියට අපි වැඩ කරන්නේ.
    ඒ නිසා අපි දන්නවා වෙන්න ඕන මොකක්ද කියලා , අපි හරියටම මේක කරනවා. ඒ නිසා ඒ කථා වල කිසි සත්‍යතාවක් නෑ,

    ජාතික ජන බලවේගයේ කිසිදු හෙළවීමක් දෙදරීමක්, පිපිරීමක මොකක්වත් නෑ ඒවා සිහින පමණයි.

    කොළඹ මහ නගර සභාවේ බලය ඇත්තටම දැනටමත් ජාතික ජන බලවේගයට හම්බෙලා තියෙන්නේ. ඒක ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නේ, ඒක තව දවස් කීපයකින් ප්‍රකාශයට පත්වෙයි.

    හැම පළාත් පාලන ආයතනයකම 02 වැනිදා අපිට සෘජුව පිහිටුවන්න පුළුවන් පළාත් පාලන ආයතන අපි පිහිටුවනවා.

    පළාත් පාලන කොමසාරිස් මගින් පිහිටුවන්න පුලුවන් ආයතන කීපයක් තියෙනවා ඒවා නුදුරේදී පිහිටුවනවා.

    යම්කිසි පළාත් පාලන ආයතනයක බහුතර ඡන්ද ප්‍රමාණය, බහුතර බලය දීලා තියනවා නම් ජාතික ජන බලවේගයට, වැඩි ඡන්ද ප්‍රමාණයක් දීලා තියෙනවා නම් ජාතික ජන බලවේගයට ජනතා පැතුම ජනතා බලාපොරොත්තුව, ඒ පළාත් පාලන ආයතනය,පාලනය කළ යුත්තේ ජාතික ජන බලවේගය කියන එක, අපි ඒ ජන වරමට ගරු කරමින්, ජනවරම අනුව යමින් ඒවායේ බලය පිහිටුවන්න කැමතියි.

    අපිට ස්වාධීන කණ්ඩායම් හා මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කර ගෙන යන්න කැමති, උදව් කරන්න කැමති බොහෝ පිරිසක් අපිත් එක්ක සාකච්ජා කරමින් ඉන්නවා. කථා කරමින් ඉන්නවා.

    ඔවුන් අපිට සහයෝගය දෙයි ඒ ආයතන පවත්වාගෙන යන්න පුලුවන් වෙයි.

    පෙර පුව​තඅයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
    ඊළඟ පුව​ත විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group