මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත් මීට වසරකට පෙර ජනතාවගේ ජන ජීවිතය සහ අද මුහුණ දෙන අභියෝග ගැන සිතා බලන ලෙසත් මෙරට ජනාධිපති ධුරයට වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට කියපු දේ වුනාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගමින් ගමට නගරයෙන් නගරයට විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලාවැව ගල්නෑව බල ප්‍රදේශය ජනතාවගේ ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන්ගේ රැකියා අවදානමට ලක්කර විදුලි බිල අඩු කරනවා වෙනුවට ෂඵත් එකේ පදයට නටා විදුලි බිල වැඩි කරන්න සැලසුම් සකස් කරන බවත් මැතිවරණ සමයේ සොච්චමක් අඩු කර ජන්ද ගෙන දැන් වැඩි කරන්න යන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
වී ගොවියා රජකරවනවා කියා ඒ අය රජවුණා
වී ගොවියා අද අසරණ බවත් වී වලට පොරොන්දු වු රු.120 සහතික මිල නැති බවත් තෙත් වී පවා අද විකුනන්නේ 85, 90, 95ට බවත් වියළි වී විකුන්නේ රු.105ට බවත් තමා ළඟ පච දේශපාලනය නොමැති බවත් එදා ගොවිජන සම්මේලයේ ලොක්කන් කුඹුරට බැස රු.150 සහතික මිල දෙනවා කියා ගොයම් කැවත් අද 120වත් දෙන් නැතිව ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුණාත්මක බීජ නොමැති වීම,පොහොර සහනාධාරය නොමැති විම, රසායනික තෙල් පොහොර මිල අඩු නොවුනු බවත් වගා කටයුතු කරන්න අවශ්‍ය උපකරණ කුලිය පවා වැඩි බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම නිසා වගා හානි ජීවත හානි සිදු වුවත් වන්දි හෝ රක්ෂණ නොමැති බවත් වන අලි ප්‍රහාරයෙන් මියගියහොත් වන්දිය රුපියල් ලක්ෂ 10ක් බවත් මේ තරම් ගැටලු මැද වගා කටයුතු කළත් හරිහමන් මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පළාත් සභා තිබ්බොත් නං ජනතාව හරි පාඩම කියා දේවි
ජන්දෙ කාලයේ ගොවියා රජ කරවනවා කියා ගොවියාගේ කරපිටින් බලයට පැමිණ ගොවියා පාගා දමමින් සිටින බවත් මේ අයට ගොවියාගේ දුක නොතේරෙන බවත් දැන්වත් කියපු ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ජනතාව එවිට මේ පච ආණ්ඩුවට හොද උත්තර දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
පොහොසත් රටත් නැ ලස්සන ජීවිතයත් නැ
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියා මේ රජය අයිඑම්එෆ් එක ළඟ දණ නමා අයිඑම්එෆ් එක කියන කියන දේ නටන බවත් මේ නිසා විදුලි බිල වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද රාජ්‍ය සේවකයා මහපාරේ
අද රාජ්‍ය සේවකයා මහ පාරෙ අරගල කරන බවත් අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ජන්දය දුන්නත් අද ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා බවත් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් යන බවත් කිසිදු සැලසුමක් නොමැතිව කටයුතු කරන බවත් වසරක් ගිය අවස්ථාවේ මේ අය කළේ ජනතාවගේ ජන ජීවිත විනාශ කර තිබූ ආදායම නැති කිරීම බවත් මේ නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවත් මෙහි වගකිම රජය බාරගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.