ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග පක්ෂයේ ලේකම්වරයා විසින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමටයි මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කෙරුණා.
උණුසුම් පුවත්
- හානි වූ නිවාස යළි ගොඩනැගීමට සහයවීමට කැමැති අය වෙනුවෙන් දුරකථන අංක දෙකක්
- දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
- නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
- නායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
- රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
- VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
- සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ
- නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි













