ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැරයාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දුන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
රටේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් නොවන පරිදි එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ලෙස මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













