Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරුවලින් ජීවිත පහක් නැති වෙයි

    මාරක අනතුරුවලින් ජීවිත පහක් නැති වෙයි

    2025-09-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.255 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය-මහනුවර ඒ 09 මාර්ගයේ නාඋල, 48 සහ 49 කිලෝමීටර් කණු අතරදී අනතුරක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ මහනුවර දෙස සිට දඹුල්ල දෙසට එළවලු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් 48-49 කිලෝමීටර් කණු අතර බෝක්කුවක් ආසන්නයේ මාර්ගයේ නවතා තිබෙනවා.

    එම දිසාවටම ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් නවතා තිබූ ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසි වැඩිදුරටත් කියා සිටියේ.

    නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර බලංගොඩ, තිරුක්කෝවිල්, කොහුවල සහ රත්නපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින්ද පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

    බලංගොඩ, රත්නපුර මාර්ගයේ ඇල්ලේපොල ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට බලංගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ මගී බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් යතුරු පැදිකාරිය බරපතල තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වූ තන්ජන්තැන්න බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර පොතුවිල් අක්කරපත්තු මාර්ගයේ තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනො සහ පසු පැදිකරුවන් දෙදෙනා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරිමේදී එක් යතුරු පැදිකරුවෙක් මියගොස් ඇති අතර අනෙක් යතුරු පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව සහ අම්පාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් පමණ වූ ගයාත්‍රී ග්‍රාමය, තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    කොහුවල, සරණංකර මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ පදිකයෙකු හප්පා අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    කෝකිලා පාර, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුර සිදු කළ සැකකරු මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    එසේම රත්නපුර කොළඹ මාර්ගයේ රත්නපුර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේදී කොළඹ සිට රත්නපුර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

    රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 48ක් පමණ වන පුද්ගලයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඅනුරපුර දිස්ත්‍රික් රැකියා පොළට දහසකට ආසන්න තරුණ තරුණියන් සහභාගි වෙයි
    ඊළඟ පුව​ත විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group