රණවිරු දෙමාපියන්ට ලබාදෙන ‘මාපිය රැකවරණ දීමනාව‘ ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත මෙම දීමනාව ලබා දෙනවා.
මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා.
දීමනාව ලබා ගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්තසහතිකය රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුයි.
දැනට 32,867ක් වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් අතරින් 17,000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබා දී ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා












