මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එළවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවාව හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොවන බවත් ආණ්ඩුව කුහක වුූවාට රටේ ජනතාව කුහක නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.
මනෝජ් ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඒමට යන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥවරයා මේ බවකියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා…
රජය විසින් අලුතෙන් පනත් කෙටුම්පතක් ගැසට් කරනු ලැබුවා.
මේ පනත් කෙටුම්පතේ මූලික අරමුණ වෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළුව හිමිකම් වරප්‍රසාද කප්පාදු කිරීම.
මේ කෙටුම්පතට ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත කියලා දානව වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදමුලනට යැවීමට උත්සාහ කිරීමේ සඳහා වූ පනත් කෙටුම්පතකි කියලා දැම්ම නම් මං හිතන්නේ මීට වැඩිය හොඳයි. මොකෙද ඒක තමයි මේ ආණ්ඩුවේ අරමුණ.
හිටපු ජනාධිපතිවරුන්ට අග්‍රාමාත්‍යවරුන්ට අදාළ හිමිකම් ලබාදීම ලෝකයේ තියෙන සදාචාරාත්මක දේශපාලන සම්මතයේ එක්තරා කොටසක්.
මේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලපානවා.
දැන් ඉන්න ජනාධිපති අනුර කුමර දිසානායක මහත්මයා විශ්‍රාම ගියාට පස්සේ බලපානවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) ඉතා පැහැදිළිව කියලා තියෙනවා මේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට හෝ දීමනා අහිමි කිරීමට ගෙන එන අනාගත නීතියකින් අතීතයට බලපාන ලෙස එක සංශෝධනය කරන්න බෑ කියලා.
ඒකෙන් ඉතාමත් පැහැදිලියි මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන වැනි ගෝඨාභය රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරුන්ට බලපාන විදියට මේ නීතිය ගෙන ඒම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක්. මෙවැනි පනතක් ගේන්න නම්.
අනිවාර්යයෙන්ම ජනමත විචාරනයකට යන්න වෙනවා ජනතා ප්‍රශ්න පැත්තක තියලා තමන්ගේ කුහක දේශපාලන ප්‍රතිපත්තීන් ඉෂ්ඨ කර ගැනීමේ ගෙන ඒම ආණ්ඩුව ආණ්ඩුව ප්‍රමුඛ අරමුණක් කරගෙන තියෙනවා.
මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න මහින්ද රාජපක්ෂ එලවන්න උත්සාහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවා හැර වෙන කිසිම දෙයක් වෙන්න.
මේ රටේ ජනතාව කුහක නෑ ආණ්ඩුව කුහක වුණාට….