අපරාධයකට පූර්ව උපාය යොදමින් සිට සැකකරුවන් සිව්දෙනෙක් විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් සහ ත්‍රීරෝද රථයක් සමග සැකකරුවෙක් ජනවාරි 09 වනදා රාත්‍රී කාලයේ මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත එදිනම රාත්‍රී කාලයේදී කොටුව පොලිස් වසමේදී අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 500ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් අනාවරණ වූ තොරතුරු මත මට්ටක්කුලිය ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, එම ජීව පතරොම් හයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36ක් හා යතුරු පැදියක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා සූදානමින් සිට ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් ඊයේ(10) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත කොළඹ උතුර කෙට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













