මහරගම, නාවින්න ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහරගම පොලීසිය පවසනවා. නාවින්නේ පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. මේ වන විට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනවා. තුවාලකරුවන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි














