මාර්ගයට ගල් පෙරළීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගන ප්රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගන ප්රධාන මාර්ගයට උඩුදුම්බර කහටගොල්ල ප්රදේශයෙන් පස්කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් පැවති බැවින් මාර්ගය වසා දැමීමට කටයුතු කෙරුණා.