ශ්‍රීපාද විශේෂ රාජකාරියේ යෙදෙන නල්ලතනනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ හා තමන්ගේ නම සඳහන් කරමින් ජංගම දුරකතන හරහා නල්ලතන්නිය නඟරයේ සංචාරක නිවාඩු නිකේතන හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලා සිටින සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බව නල්ලතන්නිය කොට්ඨාශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත ගෝදාපතිරණ මහතා පවසනවා.
කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් සැළසුම් සහගතව මෙම ක්‍රියාව සිදු කරන බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව හේමන්ත ගෝදාපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













