එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යංශය සඳහන් කළේ නැවත පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන දා බවයි.
2024 මහ මැතිවරණය ලබන 14 වන දා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් එළඹෙන 12 වන දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වනවා.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීම පිළිබදව සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා.