අල්ලස් කොමිසම මගින් තමා අත්අඩංගුවට ගැනිමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභ කළා.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවිමේදි අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අල්ලස් කොමිසම විමර්ශන සිදුකරනවා.
ඊට අදාලව තමන් අත්අඩංගුවට ගැනිමට පෙර අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉල්ලා තිබුණා.
අනීතිකව අත්අඩංගුවට ගැනිමට සුදානම් වන බවට ප්‍රමාණවත් වන කරුණු එම ඇප ඉල්ලීමේ ඇතුළත් නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරිමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.