වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පිස්තෝල අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඌරගස්මංහන්දිය, කොරකීන හන්දියේදී කාර් රථයක ගමන් කරමින් සිටි අයෙකු පොලිසිය විසින් නවතා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55යි මිලිග්‍රෑම් 500ක් සමග සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ(18) රාත්‍රීයේදී මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරයෙන් උපුටා ගන්න ලද බවට සැක කරන රුපියල් ලක්ෂයක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු ගමන් කළ කාර් රථයේ රියදුරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ පදිංචිකරුකේ බවත් සැකකාර කාර් රථයේ රියදුරු වයස අවුරුදු විස්සක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.
ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනුණු සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ වෙඩික්කරුවෙක් වශයෙන් ක්‍රියා කරන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
2018-09-27 දින පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හා 2022-12-23 වන දින පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන අපරාධවලට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටද දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනය කරන්නේ.
ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.