මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් ආරම්භ කර තිබුනා.
ඒ සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින්
කෙසේවෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කරගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකර තිබුනා. .
සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින් හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග එම විරෝධතා උත්සන්න වූ අතර, උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ජනතාව චෝදනා කරන්නේ පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවයි.
මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත්, ඒ හේතුවෙන් මන්නාරම නගරයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් මෙහිදී සදහන් කර තිබෙනවා.