තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ ඉල්ලීම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාව පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගින අවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන සම්බන්ධයෙන් සිදු කරන විශ්ලේෂණයකින් පසුව ගින අවි නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.











