සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට නව සභාපති තනතුරක් ලැබී තිබෙනවා.
ඒ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේයි.
අදාළ ආංශික අධීක්‍ෂණ කාරක සභාව පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස හෙක්ටර් අප්පුහාමි මහතාගේ නම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් යෝජනා කර තිබෙනවා.
එය ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසිනි.