විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් පිළිබදව දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජුලි මස දෙවනදා සහ තුන්වනදා පස්වරුවේ අදාළ විවාදය පැවැත්වෙනු ඇති.
මේ අතර ජුලි දෙවනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේයි මෙම රැස්වීම කැදවා ඇත්තේ.
මෙම විශේෂ රැස්වීම සදහා සහභාගි වන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා.