
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවයි වාර්තා වන්නේ. තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














