
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව නුවරඑළිය පැරණි කඩවීදියේ වෙළෙඳසැලක පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ මදන මෝදක ගුලි 3755ක් සමග සැකකරුවෙක් නුවරඑළිය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(08) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද වෙළෙඳ සැලක් පවත්වාගෙන යන මුවාවෙන් මදන මෝදක ගුලි අලෙවි කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදී ඇති බවත් එම වෙළෙඳ සැලට නිතර නිතර මදන මෝදක ගුලි මිලදී ගැනීමට තරුණ පිරිස් යොමු වන බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරු සහ මද මෝදක ගුලි අත්අඩංගුවට ගත් බවයි එම වැටලීම සිදුකළ නිලධාරීන් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මදන මෝදක ගුලි තොගය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.














