දිවයිනේ ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් විසින් වෙළෙඳ පොළට නිකුත්කරනු ලබන මත්පැන් බෝතල්වලට ජලය කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන් සමත්ව තිබෙනවා.
ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලද පැමිණිල්ලකට අනුව පොතුවිල් ප්‍රදේශයේ මත්පැන් හලක් වටලා සිදු කරන ලද පරීක්ෂාවකදීයි.
ජාවාරම්කරුවන් අදාළ මත්පැන් බෝතල්වල මූඩිය සූක්‍ෂ්ම ලෙස ගලවා ඊට ජලය කලවම් කර යළි මූඩිය තිබූ පරිදිම සවිකර විකුණා ඇති බවයි අනාවරණ වන්නේ.
වැටලීම සිදු කරන ලද නිලධාරීන් විසින් එවැනි ජලය කලවම් කරන ලද බෝතල් 33ක් පමණ සොයාගැනුණු බවයි වාර්තා වන්නේ.
වැටලීමට ලක්වූ මත්පැන් හලට මේ වන විට මුද්‍රා තබා තිබෙනවා.