සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමටයි ඊයේ කටයුතු කළේ.
ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවද මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
- ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු
- ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
- මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදියි
- ඇහැළියගොඩ කතකට අයත් කෝටි ගණනක දේපල අක්‍රීය කරයි
- සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට
- රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
- මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –













